කොළඹ LNW:ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරාපත් කරගැනීමේදී පක්ෂයෙන් ලබා දී තිබුණු උපදෙස්වලට පිටින් යමින් කටයුතු කළ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ සහබන්දු මහතා පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කර නියෝජ්‍ය නගරාධිපති ලෙසද පත්ව ඇති බවයි.
ඒ අනුව ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති ආතර් මෙතෙක් පක්ෂය තුළ හොබවන ලද තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන්ද කටයුතු කිරීමද අහිමි වන බව දැනුම් දී තිබේ.

ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම අද (20) පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පවතී අතර සභාවේ බලය මලිමාවට හිමිවිය.
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනාවා ද නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසුමේදී 19 දෙනෙකු රහස් ඡන්දයට පක්ෂවත් 17 දෙනෙකු විවෘත ඡන්දයට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
බහුතර කැමැත්ත මත රහස් ඡන්දයෙන් නගරාධිපති තොරාපත්කරගැනීම සිදු වූ අතර ඒ සමඟ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.
එම නොසන්සුන්තාව සමඟ සමගි ජනබලවේගයේ සභිකයින් කිහිපදෙනෙකු සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවීමට සිදුව තිබුණු අතර සභාව මිනිත්තු 30ක කාලයකට කල්තැබිමටද කටයුතු කර ඇත.
ඝණ පූර්ණය සහිතව පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 19ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරී පත්ව තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
