ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන දින සිට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් අවම වශයෙන් තවත් 3,056 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානය නිවේදනය කර තිබේ.

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රති ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ 24 දෙනෙකු මියගොස් 800ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වන අතර ඊශ්‍රායලය පසුගිය ඉරිදා සිට තොරතුරු යාවත්කාලින කර නොමැත.

ජනාධිපති ට්‍රම්ප් ඉදිරි සති දෙක තුළ යුද්ධයට සම්බන්ධ වනවාද නැද්ද යන්න සලකා බලමින් සිටින බව වාර්තා වන අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි මේ සමබන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට සම්බන්ධ වුවහොත් එය සෑම කෙනෙකුටම ඉතා භයානක වනු ඇති බවයි. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි ජනාධිපති ට්‍රම්ප්ට අභියෝග කර තිබුණේ, ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කෙනෙකු ඉරානය හා නොගැටෙන බවත්, හැකිනම් ඉරාන සමඟ යුද්ධයකට එන ලෙසත්ය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, යුරෝපීය බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා වේගවත් කිරීමට තමා සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුදානම් බව ප්‍රකශ කර ඇති අතර අද(21)පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් ඉරානය සතුව න්‍යෂ්ටික අවි තිබිය නොහැකි බවට සඳහන් කිරීමත් සමඟ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරවටු කරමින් සඳහන් කර තිබුණේ, ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ප්‍රකාශ කිරීම වැරදි සහගත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...