ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර සියළු පක්ෂ සමඟ එකතුවෙන එක හෝ හවුල් හදන එක මම දකින්නෙ හොඳ තත්වයක් විදියට..

ඇත්තෙන්ම ගත් කල ඔවුන් මෙතෙක් සිටි ‘අපි විතරක් පිරිසිදුයි, අදූෂිතයි – අනික් හැමෝම දූශිතයි’ යන නාසිස්මික ස්වෝත්තමවාදය අයත්වෙන්නෙ අප්‍රායෝගික කල්ට් එකකට.. ඒවගේම ඒක නිර්ප්‍රජාතන්ත්‍රවාදීයි, භයානකයි..

ඒවගේම දූෂණය නාස්තිය කියන ප්‍රපංච වැඩෙන්නෙ බලය කියන සන්දර්භය ඇතුලේ.. බලය හෝ නාස්ති කරන්නවත් ධනයක් නැති අවකාශයක් ඇතුලේ ස්වභාවිකවම සියල්ල පිරිසිදුයි.

බලය සම්මුඛ වීමත් සමඟ ඒ අය තමා තුලම තිබූ වාමවාදී සහ දූපත්වාදී කල්ට් වේගයෙන් දියකරගනිමින් ස්වබාවිකකරනය නැත්නම් සිස්ටමයිස් වෙමින් පවතිනවා.. දැන් ඒ අය තමාගේම පොසිලකරණය වූ පැරණි මතවාද ඇතුලෙන්ම පුපුරුවා හරිමින් ඉන්නවා..

ලැබුන බලයේ රැඳීසිටීම වස් ඔවුන්ගේම පැරණි සමාජවාදී හෘද සාක්ෂීන්ට ඔවුන්ම පයින් ගසමින් හොර රහසේම ඔවුන්, ඔවුන් විසින්ම පෙර වෛරකල දකුණේ දර්ශනය වැළඳ ගනිමින් ඉන්නවා..

මේක ජ.වි.පෙ.ට වගේම ලංකාවේ මිනිස්සුන්ටත් අනිවාර්යයෙන්ම පසුකළ යුතු සහ ඉගෙනගත යුතුව පවතින දේශපාලන පාඩමක්.. කල්ට්වලින්, වාම සුරංගනා කතාවලින් යථාර්ථය ජයගන්ට බෑ කියන පාඩම..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...