ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග

ජූනි 22 වොෂින්ටන් LNW :

?ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය පළවේ…..?

?ඉරානය කෙසේ ප්‍රතිචාර දක්වයි ද…..?

?දැන් රුසියාවේ හා චීනයේ ස්ථාවරය කුමක්ද….?

?ඇමෙරිකානු නගර රැසක ජනතාව ප්‍රහාර වලට එරෙහිව වීදි බසී…..!

?තෙවන ලෝක යුද බියක්….?

ඉරානයට සති දෙකක් දුන් ඇමෙරිකාව B2 ප්‍රහාරක යානා මගින් ඉරාන න්‍යාෂ්ටික මධ්‍යස්ථාන තුනකට එනම් ෆොඩෝ, නටන් හා එස්වහන් වලට හදසි ප්‍රහාර එල්ලකර තිබේ. ඊශ්‍රායලයේ සම්බන්ධීකරනයෙන් ප්‍රහාරය සිදුව තිබේ.


B2 යානා අඩි 50,000 ක ඉහළ අහසේ එක දිගට කිමි 11,000 ක් ධාවනය කලහැකි ගුවනේදීම ඉන්ධන පොම්ප කලහැකි රෙඩාර් මග හැර යාහැකි වවුල් හැඩරුව සහිත යානා විශේෂයකි. ඒවා ගුවාන් කදවුරෙන් නික්ම ගිය බව ද කියති.


ප්‍රහාරය ඉරානය ද පිළිගෙන ඇතත් ෆෝඩෝ හි කොටසකට පමණක් හානිවී ඇති බව ඉරානය කියා සිටී. රාත්තල් 30,000 ක් බර බස්ටර් බෝමබ ඇමෙරිකාව මේ සදහා යොදාගෙන තිබේ. සෙනෙට් සභික බර්න් සැන්ඩර්ස් ඇතුළු ප්‍රබල පිරිසක ප්‍රහාරය හෙළා දකමින් එය ඇමෙරිකානු ව්‍යවසුථාවට පවා එරෙහි බවත් යුද වැදීමේ තීන්දු ගැනීමේ අයිතිය කොංග්‍රස මණ්ඩලය සතු වගකීමක් බව ද පෙන්වා දී තිබේ. ප්‍රහාරය තනි මතයට මිසක පාළක රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයන් පවා දැන නොසිටි බවට වවේචන එල්ලවී තිබේ. තවද අද ඇමෙරිකාවට හිරු පායනවිටම ලැබුණු පුවතින් සසලවූ ඇමෙරිකානු ජනතාව ප්‍රහාර වලට එරෙහිව වීදි බැස තිබේ.


ඉරානයේ ප්‍රතචාර මෙන්ම රැසියාව හා චීනය මෙහදී කවර ස්ථාවරයක් ගනීද යන්න දැන් ලොවම බලා සිටින තත්වය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...