කඩාවැටෙන කොටස් වෙළඳපොලේ විදේශීය මිලදී ගැනීම් වාර්තාගත ලෙස ඉහළට !

Date:

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය ජුනි 12 වනදා සිටම ක්‍රමිකව කඩාවැටීමක් පෙන්නුම් කරමින් තිබේ.

කෙසේවෙතත් ඊයේ (23) දිනයේදී ගනුදෙනු දෙස බැලීමේදී පෙනී යන්නේ කොළඹ කොටස් වෙළඳපොලෙහි විදේශීය මිලදී ගැනීම් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි.

පහතින් පළකෙරෙන සොෆ්ට්ලොජික් කොටස් තැරැව්කරුවන්ගේ වාර්තා අනුව ඊයේ දිනයේදී විදේශීය මුදල් ගලනය පෙර දිනයට වඩා 263.55% කින් වැඩිවී ඇති බවකි.

පසුගිය මාස කිහිපය තුළ අසාමාන්‍ය වේගයකින් වර්ධනය වූ කොළඹ කොටස් වෙළඳපොල මේ වනවිට පසුබාමින් සිටින අතර කොටස් මිල පහළ බසිද්දී විදේශීය ගනුදෙනුකරුවන් අඩු මිලට කොටස් මිලදී ගනිමින් සිටින බවක් මෙයින් පෙන්නුම් කෙරේ. නැවත වතාවක් කොටස් මිල එක්වරම ඉහළ යන්නට පටන්ගත් විට ඔවුන් මේ කොටස් වැඩිමිලට විකුණා තම මුදල් ඉවත් කරගනු දක්නට හැකිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...