කඩාවැටෙන කොටස් වෙළඳපොලේ විදේශීය මිලදී ගැනීම් වාර්තාගත ලෙස ඉහළට !

Date:

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය ජුනි 12 වනදා සිටම ක්‍රමිකව කඩාවැටීමක් පෙන්නුම් කරමින් තිබේ.

කෙසේවෙතත් ඊයේ (23) දිනයේදී ගනුදෙනු දෙස බැලීමේදී පෙනී යන්නේ කොළඹ කොටස් වෙළඳපොලෙහි විදේශීය මිලදී ගැනීම් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි.

පහතින් පළකෙරෙන සොෆ්ට්ලොජික් කොටස් තැරැව්කරුවන්ගේ වාර්තා අනුව ඊයේ දිනයේදී විදේශීය මුදල් ගලනය පෙර දිනයට වඩා 263.55% කින් වැඩිවී ඇති බවකි.

පසුගිය මාස කිහිපය තුළ අසාමාන්‍ය වේගයකින් වර්ධනය වූ කොළඹ කොටස් වෙළඳපොල මේ වනවිට පසුබාමින් සිටින අතර කොටස් මිල පහළ බසිද්දී විදේශීය ගනුදෙනුකරුවන් අඩු මිලට කොටස් මිලදී ගනිමින් සිටින බවක් මෙයින් පෙන්නුම් කෙරේ. නැවත වතාවක් කොටස් මිල එක්වරම ඉහළ යන්නට පටන්ගත් විට ඔවුන් මේ කොටස් වැඩිමිලට විකුණා තම මුදල් ඉවත් කරගනු දක්නට හැකිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...