පවුල් පිටින් නෙවෙයි කල්ලි පිටින්ම ටිකට් එක ඇදෙනවා. බලාගෙන ඉන්න – ඇමති විද්‍යාරත්න (VIDEO)

Date:

කොළඹ LNW:පසුගිය පාලන කාලය තුළ හොරකම විමධ්‍යගත ඇති අතර දැන් ඒවාට නීතිය ක්‍රියාත්මක වන හෙයින් පවුල් පිටින් නොව කල්ලි පිටින්ම සිරගත වීමට සිදුවනු ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

වංචා,දුෂණවලට අදාළ දැනට තිබෙන ෆයිල් සියල්ල මේ වන විට විමර්ශන සඳහා අදාළ අංශ වෙත භාර දී ඇති බවත් එම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ රටේ ණය කන්දට වඩා වංචා දුෂණ කන්ද ලොකු බවයි විද්‍යාරත්න මහතා පවසන්නේ. ආර්ථික අර්බුදය පවා ඇති වීමට එම වංචා,දුෂණ බලපා තිබෙන හෙයින් අධිකරණ ක්‍රියාවලිය හරහා ඉදිරියේදී වරදකරුවන්ට නිසි තීන්දුව ලැබෙනු ඇති බව හෙතෙම තවදුරටත් පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (23) පස්වරුවේ කඳුකර දෙමළ ප්‍රජාව (මලයහ ප්‍රජාව) මුහුණ දෙන ගැටලු පිළිබඳ ලයනල් වෙන්ට් ශාලාවේ පැවති ජායාරූප ප්‍රදර්ශනයට නැරඹීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...