කොළඹ LNW:තාවකාලිකව වසා දැමුණු කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු අනෙකුත් සියලුම මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව වසා දැමීමට වසා දැමීමට පියවර ගැනුණි.
ශ්‍රී ලනකවේ සිට කටාර් බලා ගිය ගුවන් යානයක්ද පැවති තත්ත්වය හමුවේ අබුඩාබියට ගොඩබස්වා තිබුණි.
එලෙස ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වී තිබුණු අතර යුරෝපය බලා යන ගුවන් යානා ද සිය ගමන් මාර්ගය වෙනස් කිරීමට කටයුතු කළේය.
මේ අතර කටාර් රාජ්‍යයේ සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය මැදපෙරදිග රටවල් කිහිපයක් හෙළා දැක තිබුණු අතර ඒ අතර සෞදි අරාබිය, කටාර්, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය විය.
ඊයේ රාත්‍රිය වන විට ගැටුම් ඉතා උත්සන්න වී තිබුණු අතර අද මෙරට වේලාවෙන අළුයම 3.32ට පමණ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය හරහා නිවේදනය කර තිබුණේ ඉරානය හා ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බවයි.
එහෙත් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නොමැති අතර ඊශ්‍රායලය සිය නීතිවිරෝධී ප්‍රහාර අවසන් කරන්නේ නම් ඉරානය ද ප්‍රහාර එල්ල කිරීම නවත්වන බවයි. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ද නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
ආශිකා බ්‍රාහ්මණ
