සභා 200ක් මාලිමාව අතේ!

Date:

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන විට පළාත් පාලන ආයතන 339 යෙන් 200 ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අනුව ජාතික ජන බලවේගය බහුතරයෙන් හෝ සම සභික සංඛාවක් සහිතව තීබු ආයතන 151 ක බලය මුලින්ම පිහිටවනු ලැබූ අතර විපක්ෂයට බහුතර බලය හිමිවූ පළාත් පාලන ආයතන 48කද බලය පිහිටුවීමටද ජාතික ජන බලවේගය කටයුතු කර ඇත.

සමගි ජන බලවේගය ජයග්‍රහණය කර තිබුණු කල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ද මාලිමාව දිනාගැනීමට සමත්වීම විශේෂත්වයකි.

ගම්පොල නගර සභාව, බෙන්තර ප්‍රාදේශීය සභාව , බුත්තල ප්‍රාදේශීය සභාව, හම්බන්තොට මහ නගර සභාව, බේරුවල ප්‍රාදේශීය සභාව, කෑගල්ල අරනායක ප්‍රාදේශීය සභාව, බිංගිරිය ප්‍රාදේශීය සභාව, පන්නල ප්‍රාදේශීය සභාව, කහවත්ත ප්‍රාදේශීය සභාව, කුලියාපිටිය නගර සභාව, ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත්ව අතර ඔවුන් එලෙස බලය පිහිටවූයේ විපක්ෂයේ සෙසු කණ්ඩායම්වලද සහය ලබාගනිමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...