සභා 200ක් මාලිමාව අතේ!

Date:

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන විට පළාත් පාලන ආයතන 339 යෙන් 200 ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අනුව ජාතික ජන බලවේගය බහුතරයෙන් හෝ සම සභික සංඛාවක් සහිතව තීබු ආයතන 151 ක බලය මුලින්ම පිහිටවනු ලැබූ අතර විපක්ෂයට බහුතර බලය හිමිවූ පළාත් පාලන ආයතන 48කද බලය පිහිටුවීමටද ජාතික ජන බලවේගය කටයුතු කර ඇත.

සමගි ජන බලවේගය ජයග්‍රහණය කර තිබුණු කල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ද මාලිමාව දිනාගැනීමට සමත්වීම විශේෂත්වයකි.

ගම්පොල නගර සභාව, බෙන්තර ප්‍රාදේශීය සභාව , බුත්තල ප්‍රාදේශීය සභාව, හම්බන්තොට මහ නගර සභාව, බේරුවල ප්‍රාදේශීය සභාව, කෑගල්ල අරනායක ප්‍රාදේශීය සභාව, බිංගිරිය ප්‍රාදේශීය සභාව, පන්නල ප්‍රාදේශීය සභාව, කහවත්ත ප්‍රාදේශීය සභාව, කුලියාපිටිය නගර සභාව, ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත්ව අතර ඔවුන් එලෙස බලය පිහිටවූයේ විපක්ෂයේ සෙසු කණ්ඩායම්වලද සහය ලබාගනිමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...