‘ටෙහෙරානයේ හදවතට’ ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති නියෝග කරයි

0
1183

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමය උල්ලංගනය කිරීම හේතුවෙන් ටෙහෙරාන් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නියෝග කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් මැදිහත් වූ ගිවිසුමට එකඟ වීමෙන් මිට පැය කිහිපයකට පෙර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ සටන් විරාමය දැන් ක්‍රියාත්මක වන බවයි.

ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට මිසයිල දියත් කිරීම් අනාවරණය වී ඇති බවට හමුදාව නිවේදනය කිරීමෙන් පසුව ටෙහෙරානයේ ඉලක්ක වලට එරෙහිව ඉහළ තීව්‍රතාවයකින් යුත් මෙහෙයුම් සිදු කරන ලෙස හමුදාවට දැන් උපදෙස් දී ඇති බව කැට්ස් ප්‍රකාශ කර අති අතර මෙම චෝදනා සියල්ල ඉරාන සන්නද්ධ හමුදා ජෙනරාල් අබ්දුල්රහිම් මවුසාවි ප්‍රතික්ෂේප කර ඇත.