“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට ප්‍රකාශ කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඉරානයේ හදවතට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමත් සමඟ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ ප්‍රහාර නවත්වන ලෙස සිය තෘත් සමාජ ජාලය හරහා නිවේදනය කර තිබේ.

සිය සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, “ඊශ්‍රායලය. ඒ බෝම්බ හෙළන්න එපා. ඔබ එසේ කළහොත් එය විශාල උල්ලංඝනයකි. දැන් ඔබේ නියමුවන් ගෙදර ගෙන එන්න!”යනුවෙනි.

ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ ඉරානය සහ ඊශ්‍රායලය යන දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කළ බවයි.

කෙසේ නමුත්, පසුගිය පැය 24 තුළ ඉරානයට විශාල හානියක් සිදුව ඇති අතර මියගිය සංඛ්‍යාව 107 ඉක්මවා ඇත. ජුනි මස 13 වන දින සිට ඇරඹි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සමස්තයක් ලෙස මේ වන විට ඉරානයේ 606 දෙනෙකු මිය ගොස් 5,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...