ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

චීනය ප්‍රකාශ කර ඇත්තේ සංවාදය හා සාකච්ඡාව ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි ක්‍රමය බවයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද (24) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මැද පෙරදිග තත්ත්වය දෙස වැඩි අවධානයක් යොමු කරන චීනය, එහි තත්ත්වය අඛණ්ඩව උග්‍ර වීම කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ඔහු පැවසීය. කඩිනමින් සටන් විරාමයක් ආරම්භ කිරීම චීනයේ බලාපොරොත්තුවයි. එමෙන්ම දේශපාලන ආකාරයෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි මාර්ගයට වහාම පැමිණෙන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ජගත් ප්‍රජාව සමග එක්ව මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට උපරිම දායකත්ව ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...