නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 22 කට පන්ති තහනමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ, නවක වධය ලබාදීමේ සිද්ධියකට අදාළව ය.

නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වධය ලබාදෙන වීඩියොවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණු අතර මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ සිසුන්ගේ පංති තහනම් කර ඇත.

මෙසේ පන්ති තහනම් කර ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සහ දෙවන වසරේ සිසුන් 22 දෙනෙකුගේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...