හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ වර්ජනයක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :

අද (25) දින හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ, අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමිනි.

හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි පවසා සිටියේ, මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී සෙසු මාර්ග ද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවයි.

තව ද හොරණ – කොළඹ මාර්ගයේ වේලා සටහන්කරුවන් නිසි ලෙස රාජකාරිය ඉටුනොකිරීම සහ අසාධාරණ ලෙස අයථා අන්දමින් මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ඒ සඳහා නිසි විසඳුමක් ලබාදෙන ලෙසත් බස් රථ හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලීලීමක් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...