වයස් කාණ්ඩ හතරක බාලක බාලිකාවෝ ස්කොෂ් සඳහා කොරියාවට

0
297

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW:


දකුණු කොරියාවේ ගිම්චියොන් ස්කොෂ් ක්‍රීඩාංගණයේදී, 2025 ජූලි 01 වන දින සිට 05 වන දින දක්වා පැවැත්වීමට නියමිත,32 වන ආසියානු කනිෂ්ඨ ස්කොෂ් කේවල ශූරතාවලිය සඳහා සහභාගී වන,වයස් කාණ්ඩ හතරකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත්, 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම 2025.06.28 සෙනසුරාදා දින දකුණු කොරියාවට පිටත්ව යාමට නියමිතයි. ක්‍රීඩකයින් 16ක්, ක්‍රීඩිකාවන් 15ක්, කළමණාකරුවන් 02 දෙනෙකු, එක් පුහුණුකරුවවෙක් හා කාන්තා නිලධාරිණියක් ඇතුළත් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ස්කොෂ් කණ්ඩායමට,අනෙකුත් ආසියානු සාමාජික රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අත්දැකීමක් ලබා ගැනීමට සහ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට ඉතා වැදගත් අවස්ථාවක් උදා වනු ඇත.
වයස අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩවල ඉහළම දක්ෂතා ඇති කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් මෙම කණ්ඩායම, ජාත්‍යන්තර ස්කොෂ් සම්මේලනයේ සහතික හිමි ගිහාන් සුවාරිස්ගේගේ ප්‍රධානත්වයෙන්, දිනුෂ ප්‍රියදර්ශනගේ සහාය ද ඇතිව මාසයක පමණ කාලයක් පුහුණු විම් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ විධායක කමිටු සාමාජික, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ප්‍රභාත් දයාරත්න සහ ඉන්දු උපමාලි කණ්ඩායම් කළමනාකරුවන් ලෙස කටයුතු කරන අතර, කොළඹ විශාකා විද්‍යාලයේ ගුරුවරියක වන ඒ.එච්.ඩබ්ලිව්.පී චන්ද්‍රසිරි ශ්‍රී ලංකා පාසල් ස්කොෂ් සංගමයේ කාන්තා නිලධාරිණිය ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ස්කොෂ් කණ්ඩායම.

13 පහළ බාලක කණ්ඩායම

  1. හෂීඩ් අමීර් නූර්දීන් – ලුවර් විද්‍යාලය, පන්නිපිටිය.
  2. කේ.එම් අයනි කෝණාර – ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
  3. දනුජ ජයසිංහ – ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ
  4. අනන්තවේල් ක්‍රිෂේන් – රාජකීය විද්‍යාලය, කොළඹ 07

13 පහළ බාලිකා කණ්ඩායම

  1. දිනිත්මා මිහේලි – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07.
  2. තවීෂා ගුණසේකර – ගේට්වේ විද්‍යාලය කොළඹ.
  3. එස්.ටී තිලකරත්න – මියුසියස් විද්‍යාලය කොළඹ 07

15 පහළ බාලක කණ්ඩායම

  1. මනුත් සන්දිර දසනායක – ගේට්වේ විද්‍යාලය, කොළඹ
  2. නෙවන් රූබසිංහ – රාජකීය විද්‍යාලය, කොළඹ 07
  3. ඒ.එල් ලෝනිත බිම්සඳු – ඩී.එස් සේනානායක විද්‍යාලය, කොළඹ 07
  4. දිසර පේරුකන්ද – ගේට්වේ විද්‍යාලය, කොළඹ

15 පහළ බාලිකා කණ්ඩායම

  1. ඉෆ්රා ෂස්මින් බූසෝ – ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, මිලාගිරිය
  2. චානුමි නිම්තාරා තෙබුවන – ගේට්වේ විද්‍යාලය, කොළඹ
  3. සිතුම්ලි රුහංසා මෙන්ඩිස් – ගේට්වේ විද්‍යාලය, කොළඹ
  4. එච්.එම් මෙතුකි නුලාරා හේරත් – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07

17 පහළ බාලක කණ්ඩායම

  1. ඩී.ටී කේමිත හපුආරච්චි – රාජකීය විද්‍යාලය, කොළඹ 07
  2. ආර්.එස්.බී පිලපිටිය – රාජකීය විද්‍යාලය, කොළඹ 07
  3. මනුල කරේන්ද්‍ර – ඩී.එස් සේනානායක විද්‍යාලය, කොළඹ 07
  4. ලිනුක සිල්වා – ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 07

17 පහළ බාලිකා කණ්ඩායම

  1. නෙත්මි හිරන්‍යා වික්‍රමසිංහ – කාන්තා විද්‍යාලය, කොළඹ 07
  2. දිනුලි අලහප්පෙරුම – විශාඛා විද්‍යාලය, කොළඹ 04
  3. තේ‌දේරා ලියනගේ – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ
  4. නෙහාන්යා ඩයස් – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ

19 පහළ බාලක කණ්ඩායම

  1. තරුල් පින්වත්ත – රාජකීය විද්‍යාලය, කොළඹ 07
  2. මතීෂ විජේසේකර – රාජකීය විද්‍යාලය, කොළඹ 07
  3. විශාන් රන්තුංග – ගේට්වේ විද්‍යාලය.
  4. මොහොමඩ් රිල්වාන් – ශාන්ත ජෝස්ප් විද්‍යාලය කොළඹ 07

19 පහළ බාලිකා කණ්ඩායම

  1. අකීසා ඩී සමරනායක – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07
  2. රන්ලිය ඉරුඳිනිති.
  3. මියුනි වීරසිංහ – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07
  4. කවිත්මා සෙනොමි සිල්වා – මියුසියස් විද්‍යාලය, කොළඹ 07