ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

Date:

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW:

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (NOC ශ්‍රී ලංකාව) 2025 ජුනි 25 වන දින, ඓතිහාසික ගාල්ල නගරයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සිසුන්, නිලධාරීන් සහ පුළුල් ප්‍රජා දායකත්වයක් සහිතව ඔලිම්පික් දිනය සමරන්නට යෙදුණා.ඔලිම්පික් හී ආත්ම ප්‍රකාශනය ආස්වාදජනක සහ අලංකාරවත් ලෙස සපිරුණු එම උත්සව අවස්ථාව මෙන්ම පා ගමණ ද
NOC ශ්‍රී ලංකාවේ මහලේකම් රිෆ්ඩි ෆාමි විසින් ඔලිම්පික් ධජය ඔසවා තැබීමත් සමඟ නිල ආරම්භය සනිටුහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහභාගිත්වය මෙන්ම ඔලිම්පික් ක්‍රීඩකයින්, පාසල් සිසුන්, ගාල්ල දිස්ත්‍රික් රජයේ සංවිධානවල නියෝජිතයින් සහ පුළුල් පරාසයක ක්‍රීඩා පාර්ශ්වකරුවන්ගෙන් පොහොසත් වූ මෙම පා ගමන විඳහා දැක් වූයේ විශිෂ්ටත්වය, මිත්‍රත්වය සහ සැමට ගරු කිරීම යන ඔලිම්පික් වටිනාකම්ය.

ගාල්ල නගරාධිපතිවරයා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා සම්භාවනීය අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක් වූයේ දේශපාලනික සහ රාජ්‍ය ආශිර්වාදය ලබා දෙමින්ය. දකුණු පළාතේ පොහොසත් උරුමය ප්‍රදර්ශනය කරමින් සංස්කෘතික රංගනයන් සැමරුමේ අනිවාර්ය අංගයක් වූ අතර ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ සහ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සිසුවියන් එම සාම්ප්‍රදායික නර්තන සංදර්ශන ඉදිරිපත් කළ අතර ගාල්ල මහින්ද විද්‍යාලීය බටහිර තුර්ය වාදක කණ්ඩායම ද උළෙලට ප්‍රාසාංගික බව එක් කළේය.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සඳහා වන සමාජ අභ්‍යන්තරයේ යහගුණ ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රීඩාවේ කාර්යභාරය අවධාරණය කරමින් රිෆ්ඩි ෆාමි විසින් උත්සවය ආරම්භ කරමින් දැක් වූ අදහසින් ඉනික්බිතිව ගලා ගිය උත්සව සභාවේ සමාප්තිය සිඳු කළේ 2025 ඔලිම්පික් දින ශ්‍රී ලංකාවේ සංවිධායක කමිටුවේ සභාපති මහාචාර්ය සමන්තා නානායක්කාර විසින් හෘදයාංගම ස්තූති කතාවෙන්ය.

ගාල්ලේ 2025 ඔලිම්පික් දිනය ක්‍රීඩාව සහ සංස්කෘතික මුසුවේ චමත්කාරය දනවන සහ එහි බලවත්කම මූර්තිමත් කිරීමේ සංදර්ශනාත්මක ප්‍රවේශයක් විය.ශිෂ්ඨ වූ ශීෂ්ඨාචාරයක ගමන් කරන ඔලිම්පික් ආත්මීය වශයෙන් වැළඳ ගන්නට කරන ඇරයුමක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...