CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW:

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලබන CAVA U-19 Women Volleyball Championship 2025 වොලිබෝල් තරගාවලිය රටවල් 06 ක සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 03 දින සිට 09 දින දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර ඒ සඳහා අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමක් තෝරා ගැනීමටත්, 2025 අගෝස්තු 09 දින සිට 15 දින දක්වා මාල දිවයිනේ පැවැත්වීමට නියමිත CAVA Beach Volleyball Championship තරගාවලිය ඉලක්ක කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි කාන්තා බීච් වොලිබෝල් සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමටත් තෝරා ගැනීමේ පරීක්ෂණ පැවත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කාන්තා අවුරුදු 19 න් පහළ වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා වන පරීක්ෂණය 2025 ජුලි මස 09 දින පෙ.ව. 09.00 ට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හි ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තේරීම් පරීක්ෂණය සඳහා 2007 ජනවාරි 01 දින හෝ දිනෙන් පසු උපන් ක්‍රීඩිකාවන් හට සහභාගී වීමට හැකිය. එබැවින් මෙම සංචිතයෙහි තේරීම් පරීක්ෂණයට ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩිකාවන් 2025 ජුලි මස 09 දින පෙ.ව. 8.30 ට ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස දන්වා සිටිමි.

මාල දිවයිනේ 2025 අගෝස්තු 09 දින සිට 15 දින දක්වා පැවැත්වෙන CAVA Beach Volleyball Championship තරගාවලිය ඉලක්ක කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි කාන්තා බීච් වොලිබෝල් සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ විවෘත පරීක්ෂණ 2025 ජුලි මස 12 සහ 13 දින වලදී මීගමුව වෙරළ ක්‍රීඩාංගණයේ දී පහත සඳහන් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.

2025 ජුලි 12 – පිරිමි තේරීම් පරීක්ෂණය
2025 ජුලි 13 – කාන්තා තේරීම් පරීක්ෂණය

මේ සඳහා ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදින පෙ.ව.8.00 මීගමුව වෙරළ ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතුව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...