ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර ගාසා තීරයේ මන්දපෝෂණයෙන් අවම වශයෙන් ළමුන් 66 දෙනෙකු මිය ගොස් ඇති බව UNICEF සංවිධානය තහවුරු කර තිබේ.

ඊශ්‍රායලය විසින් ගාසා තිරයට කිරි, පෝෂණ අතිරේක සහ අනෙකුත් ආහාර ආධාර ඇතුළුවීම වළක්වමින් දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කිරීම මේ සඳහා හේතු වී තිබේ.

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව භයානක අනුපාතයකින් ඉහළ යන බවට එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය නිවේදනය කර ඇති අතර මැයි මාසයේදී පමණක් උග්‍ර මන්දපෝෂණය සඳහා ප්‍රතිකාර සඳහා මාස 6 ත් අවුරුදු 5 ත් අතර ළමුන් 5,119 ක් ඇතුළත් කර ඇති බවයි.

මෙහිදී UNICEF සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලයේ හිතාමතා ම කරන ලද මාරාන්තික අවහිර කිරීම යුද අපරාධයක් වන අතර එය සිවිල් වැසියන් සමූලඝාතනය කිරීම සඳහා හිතාමතාම කුසගින්න ආයුධයක් ලෙස භාවිතා කරන බවත්, කුසගින්න, රෝග සහ මන්දගාමී මරණයට ගොදුරු වීමට ඉතිරිව සිටින දරුවන්ගේ දුක් වේදනා සම්බන්ධයෙන් ලැජ්ජා සහගත ජාත්‍යන්තර නිහඬතාවය හෙළ දකින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...