සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

Date:

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW :

ඊයේ (28) පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී, සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබේ. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇති බව වාර්තා වේ.

ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


මෙහිදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස එක් පාර්ශ්වයක් නියෝජනය කළ අතර අනෙක් පාර්ශ්වය ලෙස දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය තරග වැදුණු බව සඳහන් වන අතර, ඒ අනුව පැවැති මැතිවරණයෙන් දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය පරාජයට පත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැවත බලය තහවුරු කර ගැනීමට වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පාර්ශ්වය සමත් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි...

මට දැන් කියන්නෙ ‘දුඹුරු සීනි පියා’ කියලා. මම ඒකට කැමතියි – ඇමති හඳුන්නෙත්ති

දේශීය දුඹුරු සීනි ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්...

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...