භාෂිගේ ප්‍රතිශතය සියයට 98

Date:

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW:

ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී ලංකාව ආසියානු යොවුන් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ ජය හොංකොං කණ්ඩායමට එරෙහිව ලැබූ ජයට වඩා ඉහළ මට්ටමක පැවතුණා.ඊට එක් හේතුවක් වන්නේ හොංකොං කණ්ඩායම ආසියානු නෙට්බෝල් ව්‍යහුය තුළ හොංකොං කණ්ඩායමට වඩා පහළ දක්ෂතාවයන්ගෙන් යුතුවීම යන්න කෙනෙකුට ඉදරිපත් කළ හැකි සාධාරණ තර්කයක්.ඊට එරෙහි තර්කයක් නැහැ.
එහෙත් වැඩා වැදගත් ලක්ෂණයක් මේ තරගයේදී අවධානයට යොමු කළ යුතුව වෙනවා.ඒ ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රයන්හී ක්‍රියාකාරීත්වයයි.ඉන්දියාව හොංකොං කණ්ඩායමට වඩා අඩු මට්ටමක කියා දැල විඳින්නියට සහ ගෝල ප්‍රහාරිකාවට ලකුණු ලබා ගැනීම සඳහා චැල උසින් පහත්වන්නේ හෝ පැස ප්‍රමාණයෙන් විශාල වන්නේ නැහැ.එවැනි තත්ත්වයක එම ක්‍රීඩිකාවන් දෙදෙනා පෙර තරගයට වඩා ඉහළ ප්‍රතිශතයකින් සාර්ථක විම අගය කළ යුතු වෙනවා.


ඒ අතරින් දැ විඳින්නී භාෂි උඩගෙදර සිය උත්සාහයන් 44 න් 43 ක් ම නිවැරදිව ලකුණු බවට පත් කිරීම අගය කළ යුතු වෙනවා.එසේම පළමු තරගයට වඩා සාර්ථික වූ මිහිදුම් කීර්තිසිරි ද උත්සාහයන් 26 න් උත්සාහයන් 23 ක් ම නිවැරදි ඉලක්කයට යොමු කළා.භාසිගේ හැකියාව ප්‍රතිශතයක් ලෙස සියයට 98 ක් වැනි සුපිරි මට්ටමක තිබීම අගය කළ යුතුයි.
එහෙත් ශ්‍රී ලංකාව ඉදරි දින ගණන ගැන අවධානයකින් සහ සැළසුමකින් මේ තරගයේසට කාලය තුළ වඩාත් වේගවත් නොවෙන්නට ඇතැයි සිතිය හැකියි.නිසි රිද්මයට පැමිණියානම් මීට වඩා ලකුණු පූවරුවක් නිර්මාණය කිරීමට තිබුණ බවක් පෙනෙනවා.එසේ කළ නොහැකි මට්ටමට ඉන්දියාන පසුගිය කාලයේ කරන ලද කැපවීම්වලින් ඉදරියට පැමිණ ඇත්කම් එයද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ වටිනාකම වැඩි කරන්නක් ලෙස සිතිය හැකියි.


හෙට ශ්‍රී ලංකාව හමුවිමට නියමිතව ඇත්තේ වැඩිම වරක් ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවය දිනාගෙන ඇති මැලේසියාවයි.එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 5.30 ට පැවත්වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...