දේශබන්දු මාරු කරන්න – නීතිපතිවරයා පොලිස්පතිට ලිඛිතවම දන්වයි

0
1007

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනත් ස්ථානයකට මාරු කර යවන්නැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. පොලිස්පතිවරයා වෙත ලිපියක් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ගෝඨාගෝ ගම විරෝධතාවයට පසුගිය 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට යම් බලපෑමක් එල්ල විය හැකි බැවින් තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබේ.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක්ද ඉදිරිපත් කර තිබේ.

UN