විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

Date:

සටහන – පුලී

ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා සහ ඔහුගේ සහෝදරයා වන ඇන්ඩ්‍රේ සිල්වා ස්පාඤ්ඤයේ සැමෝරා අසල සිදුවූ මෝටර් රථ අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

28 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා තම 25 හැවිරිදි සහෝදරයා සමඟ සැමෝරා සිට බටහිරට පිහිටි හුදකලා අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ ලැම්බෝගිනි රථයෙහි ටයරයක් පුපුරා යාමෙන් වාහනය මාර්ගයෙන් ඉවතට පැන ගිනි ගොස් ඇතැයි පැවසේ.

ගින්න අසල ඇති පරිසරය පුරා පැතිර යාමත් සමඟ ගිනි නිවන භටයින් ද ඒ සඳහා කැඳවූ බව බලධාරීන් පැවසීය.

මෙම සිද්ධියට මුහුණ පෑ පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ඔහුගේ බිරිඳ රූට් කාර්ඩෝසෝ සමඟ මෙම මාරක අනතුරට දින 10 කට පෙර නිල වශයෙන් විවාහ ගිවිස ගෙන තිබීම කාගේත් අවධානයට නතු වූ කරුණකි. ඔවුන්ට දාව දරුවන් තිදෙනෙක් ද විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...