විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

Date:

සටහන – පුලී

ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා සහ ඔහුගේ සහෝදරයා වන ඇන්ඩ්‍රේ සිල්වා ස්පාඤ්ඤයේ සැමෝරා අසල සිදුවූ මෝටර් රථ අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

28 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා තම 25 හැවිරිදි සහෝදරයා සමඟ සැමෝරා සිට බටහිරට පිහිටි හුදකලා අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ ලැම්බෝගිනි රථයෙහි ටයරයක් පුපුරා යාමෙන් වාහනය මාර්ගයෙන් ඉවතට පැන ගිනි ගොස් ඇතැයි පැවසේ.

ගින්න අසල ඇති පරිසරය පුරා පැතිර යාමත් සමඟ ගිනි නිවන භටයින් ද ඒ සඳහා කැඳවූ බව බලධාරීන් පැවසීය.

මෙම සිද්ධියට මුහුණ පෑ පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ඔහුගේ බිරිඳ රූට් කාර්ඩෝසෝ සමඟ මෙම මාරක අනතුරට දින 10 කට පෙර නිල වශයෙන් විවාහ ගිවිස ගෙන තිබීම කාගේත් අවධානයට නතු වූ කරුණකි. ඔවුන්ට දාව දරුවන් තිදෙනෙක් ද විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...