ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු සහ යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට හෙට (25) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
හෙට දිනයේදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඔහුව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
දර්ශන හඳුන්ගොඩ යනු පසුගිය සමය තුළ වත්මන් රජයේ පාර්ශ්වකරුවන්ව දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියෙකු වන අතර වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද ඔහුගේ දැඩි විවේචනයට ලක්ව තිබිණි.
RN