රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

Date:

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW:

අද (3) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක එක්වෙමින්, ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. මේ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවද ඒ මහතා කියා සිටී.

සීවලී අරුක්ගොඩ මහතා ඒ පිළිබඳ පැවසූවේ මෙවන් අදහසක්,

“ශ්‍රී ලංකා රේගුවේ ආදායම අද වනවිට රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා. වසරේ තවම මාස 6යි ගතවෙලා තියෙන්නේ. මේ වසරේ දී රජය අපිට ලබාදීලා තියෙන ආදායම් ඉලක්කය බිලියන 2115ක් (ට්‍රිලියන 2.115).ඒ අනුව රේගුවට මේ වනවිට හිමිවෙලා තිබෙන ආදායම අනුව එම ඉලක්කය පසුකර යෑමට හැකිවෙයි කියලා අපි හිතනවා.මෙම සාර්ථකත්වයට හේතු වුණේ ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතුකර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගතකිරීම නිසා” යැයි පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...