ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW:

දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවට සූරතාවය හෝ අනු සූරතාවය ගැන සිතන්නට තිබුණු සියලු ඉඩ මැලේසියාව විසින් අහුරා දැම්මාය.ඒ දෙවන වරටත් ශ්‍රී ලංකාව ලකුණු 60- – 31 ක් ලෙස පරාජය කරමින්ය.


ශ්‍රී ලංකාවට වේගවත් තරගයක නියැලෙන්න සිඳු වූ අතර ඒ නිසා දෙපිලේ දැල් වෙත පන්දුව 114 වතාවක් ගමන් කර තිබිණ.එයින් දෙඵිළට සාර්ථක කර ගන්නට ලැබී තිබුණේ 91 වතාවක් පමණි.උත්සාහයන් 70 ක් අතරින් මැලේසියාව 60 ක් නිවැරදි ඉලක්කයට යොමු කර තිබුණ අතර ශ්‍රී ලංකාව උත්සාහයන් 44 න් 31 ක් සාර්ථක කරගෙන තිබිණ.ලකුණුවලට උථ්සාහ කිරීමේ අවස්ථාවන්ට සාපේක්ෂව ඒවා සාර්ථකවීම් ප්‍රමාණාත්මකව මදි බව පැහැදිළිය.


වැඩිම ලකුණු ලබා ගැනීමෙ උත්සාහයන් ප්‍රමාණයකට සම්බන්ධ වූ මිහිඳුම් කිර්තිසිරි ලැබුණු අවස්ථා 25 න් අවස්ථා 17 ක් පමණක් සාර්ථක කර ගැනීම ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 68 ක් පමණි.ජාත්‍යන්තර පිටියේදී එය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේය.
මේ තරගාවලියට සහභාගි වන විට මාස තුනක් තුළ කණ්ඩායම ගොඬ නැඟීමම ප්‍රමාණවත් නැත.ක්‍රීඩා අමාත්‍යංශය යටතේ කාලයක් තිස්සේ පාලනය වෙමින් තිබෙන නෙට්බෝල් නිසා මේ සංචාරයට සහභාගි වූ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙම යොවුන් නෙට්බෝල් තරගාවලියේ දී 2027 වසරේ දී ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලිය ලංතාවේ පැවත්වීමට අවසර ලබා ගැනීමට සමත් වී ඇත.


හැබැයි එයින් සාර්ථක ප්‍රතිපල ලැබීමටනම් සහ ලංකාවේ නෙට්බෝල් උපයා තිබෙන ආසියානු රැජණිනම් වූ නිර්වචනය සුරකින්නටනම් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ලංකාවට පැමිණ පළමු කොටම කළ යුත්තේ සිය සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කළ වරද අවබෝධ කර ගෙන නැවත නෙට්බෝල් ක්‍රීඩා සමාජවලට බලය ලැබෙන විදිහට නිලවරණය පැවත්වීමය.


ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වරද කළ සංගමයේම සභාපතිණිය පහසුකම් ලබන්නා ලෙස නම් කර පරිපාලනය තුළ වක්‍රව රඳවාගෙන උන්නේය.එහිදී ඇය ඒ වන විට ආසියානු සභාපතිණිය වී තිබීම ද ඊට හේතු ලෙස දක්වමින් පත් කළ බව කීවේය.මේ වන විට ලංකාවේ නෙට්බෝල් ඇණ තැබුවා සේ ය.හුළං හොඳටම ගොස් ඇත.ආසියානු නෙට්බෝල් වෙබ් අඩවිය සහ ෆෙස්බුක් පිටුවද යාවත්කාලීන වී නැත.
එවැනි තත්ත්වයක මහා වික්‍රමයක් කරනු ඇතැයි ප්‍රකාශ කළ ක්‍රීඩා ඇමතිට ක්‍රීඩාව ගැන ඇති අල්ප දැණුම එයින්ම පිළිඹිඹු වන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...