බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පුද්ගලයකුට වෙඩිතබා පළාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගනේමුල්ලේ සංජීවගේ සමීපතමයකු වන “ආමි උපුල්” නමැති පුද්ගලයකු බවයි පොලීසිය සඳහන් කළේ.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම සිද්ධියත් සමග ඊයේ දිනය තුළ වෙඩිතැබීම් තුනක් වාර්තා වී ඇත.

ඊයේ උදෑසන කඳාන පොලීසිය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයෙකු මියගිය අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අයෙකු තුවාල ලබා තිබිණි. එමෙන්ම මීගමුව ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය විසින් වෙඩිතබා තිබුණු අතර එහිදී ද සැකකරුවකු තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...