ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

Date:

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු සහ වියදම් පනත එරට කොංග්‍රස් මණ්ඩලය සම්මත කර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් පැවති ජන්ද විමසීමේදී ජනාධිපති ට්‍රම්ප්ගේ බදු සහ වියදම් පනතට පක්ෂව ඡන්ද 218 ක් හිමි වූ අතර ඊට විරුද්ධව ප්‍රකාශ කෙරුණේ ඡන්ද 214 ක් ලැබී ඇත.

නව පනත සම්මත කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලයට ජුලි 04 වන දින අවසන් දිනය ලෙස ලබා දී තිබුණු පසුබිමක මෙම ජයග්‍රහණය ඇමෙරිකා ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ දේශීය වැඩපිළිවෙල ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර නව පනත පසුගිය අගහරුවාදා සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් වැඩි ඡන්දයකින් අනුමත වී තිබුණි.

මේ එනව පනත හරහා ඇමෙරිකාවේ මිලියන ගණනක සෞඛ්‍ය රක්ෂණාවරණය අහිමි වීම නිසා එමඟින් ඩොලර් මිලියන ගණනක් ඉතිරි කළ හැකි බව කොංග්‍රසය පෙන්වා දී තිබේ.

එමෙන්ම අමෙරිකාව සිය රටට එක් එක් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන තීරුබදු අනුපාත සඳහන් කරමින් එම රටවලට ලිපි යැවීම අද (4) සිට ආරම්භ කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ අකර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...