ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ හයවන පළාත් පුස්තකාල සේවා මණ්ඩල සමුළුව – 2025

Date:

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW:

දිවයිනේ පළාත් පුස්තකාල සේවා මණ්ඩල මඟින් පුස්තකාල පද්ධතිය තුළ ඉටු කරනු ලබන කාර්යභාරය හා සේවාව ඇගයීමට ලක්කිරීමේ හා එම සේවා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හා පළාත් පුස්තකාල සේවා මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත් අද (4) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත පළාත්සභා ක්‍රමය අනුව මෙරට පුස්තකාල සේවාව පුළුල් කිරීමේ හා විධිමත් කිරීමේ අරමුණෙන් ඒ ඒ පළාත් සභාවලට අනුබද්ධිතව පළාත් පුස්තකාල සේවා මණ්ඩල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මේ යටතේ උතුරු මැද, ඌව, සබරගමුව හා මධ්‍යම යන පළාත් සභාවලට අනුබද්ධිතව පළාත් පුස්තකාල සේවා මණ්ඩල හා මධ්‍ය පුස්තකාල ස්ථාපිත කර තිබේ.

මෙවර සමුළුව සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා ඇතුළුව ඒ ඒ පළාත් පුස්තකාල සේවා මණ්ඩලවල සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් මෙන් ම අදාළ පළාත්වල පළාත් පාලන කොමසාරිස්වරුන් ද සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...