නැවැත්තුවාමයි කියූ KDU වෛද්‍ය උපාධිය යළි කරළියට. ලක්ෂ 175 ට අයදුම්පත් කැඳවයි !

Date:

2025- 2026 අධ්‍යයන වර්ෂය සඳහා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට දේශීය සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ.

MBBS උපාධිය සඳහා වසර 5ක පූර්ණ කාලීන පාඨමාලාව වෙනුවෙන් රුපියල් මිලියන 17.5 ක මුදලක් අයකෙරෙන බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් පළකර ඇති දැන්වීමෙහි දැක්වේ.

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් එක් වරකදී ජීව විද්‍යා විෂයය ධාරවෙන් “සී” සාමාර්ථ දෙකක් සහ “එස්” සාමාර්ථයක් ලබාගෙන ඇති සිසු සිසුවියන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවත් එම දැන්වීමෙහි සඳහන්.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පසුගිය මැයි 22 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ මේ වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය කැඩෙට් භටයින්ට සහ විදෙස් සිසුන්ට පමණක් සීමා කෙරෙන බවයි. මෙම ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිව තිබුණේ වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නැවැත්වූ බව කියමිනි.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මහත් සේ වර්ණනා කළ එකී පියවර රිවස් කර ඇති බවක් කොතලාවල විශ්වවිද්‍යාලය පළකර ඇති දැන්වීමෙන් පෙන්නුම් කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...