අශෝක ජයතුංග e කොළම.

Date:


🍎රටට වැඩ කල හොරු හා වැඩබැරි හොරු…?
🍎හොරකම් චෝදනා කෙටි කලකින්ම එල්ලවීමේ නස්පැත්තිය…?
🍎හොරකම නාස්තිය නවත්වා ඉන් ජනතාවට සහන දෙන බව කියා මාස 09 ක් ගෙවීම…..?
🍎හිරේ දැමීම, ලිස්ට් කියවීම හැර රට ඉදිරියට නොයාම…?
🍎එදා ප්‍රහාර එල්ල කළ කෝටිපතියන්ට අද සීමාව ඉක්මවු සහායක්….?
🍎සල්ලිකාරයන්ගේ ඉන්දන වලට අත නොතබා දුගීන් භාවිතා කරන ඉන්දන ඉහළට….?
🍎මාස 09 ක් නාස්තිය හා හොරකම නවතා මුදල් ඉතිරි ඉතිරි කළේ නම් ඉන් ජනතාවට සහන නොලැබීම?
🍎පුපුරණ දව්‍ය ලොරි හා පහර දෙන බවට පොලීසි වලට ඇමතුම්….?
🍎මාළිමා කතානායකලාගේ නොනිමි නෑම…..?
🍎ආණ්ඩුවේ ලොකුම හයිය විපක්ෂය ද…..?

රටට නව පාළනයක් ගෙන එමින් නාස්තිය දූෂණය හොරකම නවතා ඉතා කාර්යක්ෂම රටක් බිහිකිරීමට ජනතාව තීන්දු කලහ. අගමැතිකමයි කැබිනට් එකයි දෙනවා නම් මාස 06 න් රට ගොඩ දමන බව අනුර ප්‍රතිඥා දීම තත්වය වඩාත් සුබවාදී කළේය. ජනතාව ජනපතිකම අගමැතිකම කැබිනට් එක හා 2 / 3 ක පාර්ලිමේන්තුවක් හා පළාත් පාලන බලය ද දෙමින් කිසිම ආණ්ඩුවකට නොදුන් බලයක් ලබාදී තිබේ.


දැන් මාස 10 ට ආසන්නය. රට ගොඩ නැගෙන බවක් දැවැන්ත ආර්ථික දේශපාලන සමාජ විපර්යාසයක් ව්‍යවස්ථාපිත සංශෝධනයක් රටට හිතකර අනපනත් එනබවක් පෙනෙන්නට නැත. රට එක තැන පල්වෙන බව බොහෝ දෙනාගේ අදහසය.හිටපු අය විටන්විට අත් අඩංගුවට පත්වීම හිටපු අය කලකී දෑ ගැන ඉදහිට ලිස්ට් එළියට ඒම එදා කී පච වලට එහා යන පච කීම හා විහිළු සැපයීම හැර කිසිවක් සිදු නොවන බවට ද මතවාද පවතී.සියල්ලට වඩා හොරකම පිටුදැක හොරු ඇල්ලීමට පැමිණි මෙම පාලකයන්ට දැවැන්ත දූෂණ චෝදනා ඒම තත්වය බැරෑරුම් කොට තිබේ. කන්ටේනර්, හාල්, VFS වීසා, ලුනු ඒ අතර ප්‍රධානය. හැම ආණ්ඩු සමගම සිටි කෝටිපතියන්ට ජවිපෙ එදා ප්‍රහාර එල්ල කල ද අද ඔවුන් තරම් පිරිසක් මේ ආණ්ඩුවට ද නැත. අදානි එළවා විදුලි ටෙන්ඩර හොරපාරෙන් ලබා දීම බාර් දුන්නා යයි රනිල්ට පහරදී දැවැන්තම මත්පැන් නිෂ්පාදනාගාරය ලබාදීම ඒ අතර මූලිකය. ඩිජිටල් කිරීමට යයි කියමින් රු ලක්ෂ 77කට කලහැකි බව කියන වැඩක් ලක්ෂ 500 ඉක්මවා එම කෝටිපතියාටම ලබාදීම නවතම තත්වය වේ.


මේ ගැන හඩ නැගීමට චරිත කිහිපයක් සිටිය ද ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ නැතිවීම ආණ්ඩුවට තිබෙන එකම සහනය වේ. අද ජවිපෙ විපක්ෂයේ සිටියා නම් රට අක්‍රිය කර ජනතාව හා සිසුන් පාරට ගෙන එනවා ඒකාන්තය. පවතින තත්වය තුළ රට කබලෙන් ලිපට වැටුණ බව කියන අය ද එමටය.


සත කිහිපයක් බස් ගාස්තු අඩු කිරීම, මාස දෙකක ඉන්දන තිබෙන හා නැති බවට ඇමතිවරු මරාගැනීම. ලෝකයේ තෙල් අඩුවූව ද ලංකාවේ ඉහළ දැමීම. කෝටිපතියන්ගේ ඉන්දන වලට අත නොතබා දුගියන්ගේ ඉන්දන මිල වැඩිකිරීම, හදුනෙත්ති නොදන්නා ඉංගිරිසියට ගොස් නා ගැනීම, කතානායක වාහන හා ගෙවල් කිහිපයක් අවභාවිතා කරන බවට පැමිණිලි ලැබීම සතියේ නෑම වල් අතර ප්‍රධානය.උතුරේ පුපුරණ දව්‍ය ලොරි හමුවීම හා පොලීසි 11 කට පහර දෙන බවට ඇමතුම් ලැබීම තිරප්පනේ මුස්ලිම්වරු වීදි බැසීම ආදිය ද රට ගිණියම් කළ ඒවාය.


රටේ සම්පත් හොරකම් හා නාස්ති නොකරනවා නම් ජනතාවට එම සහනය ලබාදිය හැකිබව විපක්ෂයේදී ගණන් හදා කියාදුන් පිරිසට අද මාස 09 කදී එම සහන ලබාදිය නොහැක්කේ අදත් එදාමෙන් රටේ සියලු දේ වැරදියට සිදුවන නිසා දැයි ප්‍රශ්න කිරීමට සිදුවේ. ඒ තුළ සිදුව ඇත්තේ වැඩ කළහැකි හොරු පිරිසක් එළවා වැඩබැරි හොරු පිරිසක් පැමිණීම දැයි කියන අය එමටය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...