කොස්ගම වෙඩිතැබීමක්. දැරියක් ඇතුළු තිදෙනෙකුට තුවාල !

Date:

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේදී අද (ජුනි 06) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් තිදෙනා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ තිදෙනා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ 30 හැවිරිදි මව සහ 12 හැවිරිදි දියණිය හා තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ය.

වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...

ඔබගේ ගෙළෙහි සුවඳ විලවුන් තැවරීම අවදානම්ද ?

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : වර්තමානයේ කතාබහට ලක්වන බෙල්ලේ...