අපේ මැලිකමක් නැහැ.බහාලුම් ගැන වාර්තාව අපි පාර්ලිමේන්තුවට ගේනවා!

Date:

කොළඹ LNW:ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මෙම නිදහස් කළ බහාලුම් සම්බන්ධව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති අතර බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව කිසිදු දේශපාලන මැදිහත්වීමක් හෝ දේශපාලන අවශ්‍යතාවයක් ද නොතිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව එල්ලවන චෝදනා සම්බන්ධව නිවැරදි පිළිතුරු ලබා ගැනීම සඳහා ඉදිරියේදී එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු බව හෙතෙම සඳහන් කරන ලදී.

“ඒ සිද්ධිය සිදුවූ වහාම ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනවාරි 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානාත්වයෙන් සාමාජිකයින් 5 දෙනෙකුගේ කමිටුවක් පත් කරලා වාර්තාවක් ලබා දීලා තියෙනවා. අපි දැඩිව අවධාරණය කරනවා කිසිම විදිහකට දේශපාලන මැදිහත්වීමක්, දේශපාලන අවශ්‍යතාවයක් මත සම්බන්ධ වෙලා නෑ. මේ ඉදිරිපත් වෙන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා ගන්න, හොඳ අවබෝධයක් ලබා ගන්න මේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ලබා දෙනවා. එතකොට විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ටත් මේක අධ්‍යයනය කරලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්.මේ වෙනකොට මේ තියන වාර්තාවේ දේවල්වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්නුත් විමර්ශනයක් සිදුවෙමින් තියෙනවා. ඒ නිසා වඩාත්ම හොඳ දේ මේ වාර්තාව ඉදිරිපත් කරලා අපි සාකච්ඡා කරන එක. අපේ කිසි මැලිවීමක් නැහැ” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...