ඉන්ධන සහනාධාරයක් නොදුන්නොත් රටේම බහුදින ධීවර යාත්‍රා නවතීවි !

ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු නොකරන්නේ නම් මුළු රටේම බහුදින ධීවර යාත්‍රා ධීවර කටයුතුවලින් ඉවත් කරගැනීමට සිදුවන බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.

දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යෑම ඉතාම අසීරු වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

රටට ඩොලර් ආදායම් උපයාදෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන ධීවර ක්ෂේත්‍රය කෙරෙහි රජයේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව පැවසූ ඔවුන් පෙන්වා දුන්නේ බහුදින ධීවර යාත්‍රා නතර වුවහොත් රටට ඩොලර් ආදායම් අහිමිවනවා සේම ලක්ෂ ගණනකට රැකියා ද අහිමි වනු ඇති බවයි.

එම සංගමය විසින් ඊයේ (25) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...