මට නින්දා අපහාස කරන කිසිවෙක් මා මේ රටට කළ සේවයෙන් බිඳක්වත් කර නෑ – ජනපති (VIDEO)

Date:

තමන්ට ඇතැම් පුද්ගලයින් නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් යුතුව විඳදරා ගැනීමේ හැකියාව තමන් සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“මා සිංහලයන් බහුතරයකගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධුරයෙහි දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රකාශ කළා. මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපකිරීම් කළ සිංහල බෞද්ධයින් හා එම උරුමය රැකබලා ගැනීම මාහට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. මා ඒ වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන බවත් මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසියන්ට බියෙන්, සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමේ පරිසරයක් උදාකර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළයුතුයි.

පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙළාගත් වසංගත තත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකිවුණා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇතිවූ ආථික සහ සමාජ පීඩනය හේතුවෙන් පැන නැඟුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයින් මාහට නින්දා අපහාස කළත් මට එය උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර ඇත්දැයි සැක සහිතයි. මෙතෙක් අප ගමන් මගේදී මුහුණ දීමට සිදුවූ බාධක මඟහරවා ගනිමින් නව ගමනක් යෑමටත් මා මෙරට ජනපති ලෙස තෝරාපත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් මා සූදානම්. ඒ සඳහා ගතයුතු තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සූදානම් බව මේ අතිපූජනීය, ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් ඒ මහතාට “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමීමේ උත්සව අවස්ථාවට ඊයේ (02) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...