Wednesday, October 4, 2023
spot_img

Latest Posts

වැඩ නොකළා නම් මාරු කරන්න ඕනෙ, රාජ්‍ය බලය අවභාවිතා කළා නම් ඇමතිකම් නොදී ඉන්න ඕනෙ – බන්දුල

කැබිනට් මණ්ඩලයේ පමණක් නොව රාජ්‍ය ආයතන සහ සංවිධානවල පවා තනතුරු වෙනසක් සිදුවිය යුතුය යන්න තමන්ගේ මතය බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“තමන්ට පවරා දෙනු ලබන වගකීම නිසි ලෙස ඉෂ්ට කරන්නට බැරිවුණා නම් මට, මගේ අමාත්‍ය ධුරය මාරු වෙන්නට ඕනෙ. වැරදි සහගත ලෙස රාජ්‍ය බලය හසුරුවලා තියෙනවා නම් අමාත්‍ය ධුරයක් නොදී ඉන්න ඕනෙ. අවශ්‍යයෙන්ම කැබිනට් මණ්ඩලය තුළ පමණක් නෙවෙයි රජයේ ආයතන සංවිධානවලත් වෙනස්වීම් සිදුවිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නෙ.

අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමේ පූර්ණ බලය තියෙන්නෙ අතිගරු ජනාධිපතිතුමාට නෙ. ඒක කාටවත් ඉල්ලීම් කරන්නත් මොකුත් බෑ, ජනාධිපතිතුමා විසින් ඒ තීරණය විචක්ෂණශීලීව ලෙස ගනියි කියලා අපි විශ්වාස කරනවා”

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.