විවෘත ඡන්දයෙන් දැරණියගල බලය සමගි ජන බලවේගයට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඒ, ඊයේ (08) දිනයේ පැවති එම සභාවේ දෙවැනි රැස්වීමේදී ය.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විවෘත ඡන්දයක් ඉල්ලා දිවුරුම් ප්‍රකාශ සබරගමු පළාත් පාලන කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ අතර ජාතික ජන බලවේගයේ සභිකයින් කණ්ඩායම ඊට විරෝධය පළකරමින් රහස් ඡන්දයක් අවශ්‍ය බව පැවසූහ.

කෙසේවෙතත් අවසානයේ විවෘත ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඉන්දික ප්‍රසාද් රණසිංහට ඡන්ද 12කුත් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්ද 08කුත් ලැබී තිබිණි.

ඒ අනුව සජබ අපේක්ෂකයා දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් තේරී පත්විය.

මෙම සභාවේ මංගල රැස්වීම ජුනි 23 වනදා පැවැත්වී තිබුණු නමුත් සභාපතිවරයා තෝරාගැනීමට පැවැත්විය යුත්තේ විවෘත ඡන්දයක්ද, රහස් ඡන්දයක්ද යන්න පිළිබඳ එකඟතාවකට පැමිණීමට අපොහොසත්වීම තුළ එදින සභාවාරය කල්දැමීමට සිදුව තිබිණි.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභික ධුර බෙදීගොස් තිබුණේ මෙසේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...

යුක්රේන නිදහස් දිනයට ජනපති අනුරගෙන් සුභාශිංසන!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): යුක්රේන නිදහස් දිනය නිමිත්තෙන්...