විජේදාස ගෙන ආ 21 වැනි සංශෝධන කෙටුම්පත හොරෙන්ම ඉල්ලා අස් කරගෙන !

Date:

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලමේන්තුවට ඉදිරිපත් කර තිබූ 21 වැනි සංශෝධන කෙටුම්පත ඉල්ලා අස් කරගෙන ඇති බව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ අදාල කෙටුම්පත ඉල්ලා අස් කර ගන්නා බව විජේදාස රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත දන්වා ඇති බවයි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව මෙම පෙත්සම් ගොනුකර තිබුණේ ජාතික සංවිධායක එකමුතුවේ කැඳවුම්කරු, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ දේශප්‍රේමී ජාතික පෙරමුණේ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසිනි.

විජේදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ අදාල කෙටුම්පත හරහා විධායක ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කිරීමට යෝජනා කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මගින් තවත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය ඉදිරිපත් කළේද විජේදාස රාජපක්ෂ මහතා විසිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...