ඩීසල්, පෙට්‍රල් පෝලිම් අභිබවා භූමිතෙල් පෝලිම් දිගු වෙයි – ඇතැමුන් දින 05-10 පෝලිමේ

Date:

ගෑස් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට රටපුරා ජනතාව මිලියන ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, හෙට දිනයේදීද ගෑස් තොග නිකුත් කිරීමට නොහැකි වන බවයි.

මේ වනවිට ගෑස් නෞකා දෙකකට මුදල් ගෙවා අවසන් කර ඇති අතර ඉන් එක් නෞකාවක් හෙට දිනයේදී මෙරටට ලඟාවීමට නියමිතය. එහි ගෑස් තොග ගොඩ බෑමෙන් අනතුරුව ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් කිරීමට තවත් දින දෙකක් පමණ ගතවනු ඇත. ඒ අනුව නැවත පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ ලබන ඉරිදා පමණ වනවිටදීය.

මේ වනවිටත් ගෑස් තොග නිකුත් කිරීම අත්හිටුවා දින පහකට වැඩි කාලයක් ගතව ඇති අතර ගෑස් නොමැති වුවද රටපුරා ජනතාව කුමන අවස්ථාවේදී හෝ වෙළඳපොලට ගෑස් පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් දින ගණන් පෝලිම්වල රැඳී සිටී.

ගෑස් භාවිතා කරන සාමාන්‍ය ජනතාව දැඩිලෙස අසරණ වී සිටින්නේ ඊට විකල්පයක් වූ භූමිතෙල් මිලදී ගැනීමටද නොහැකි වී ඇති නිසාය.

මේ වනවිට ඩීසල් පෝලිම්, පෙට්‍රල් පෝලිම් අභිබවා රටපුරා භූමිතෙල් පෝලිම් දිගුවෙමින් තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ වතුකරයේ ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ. ඇතැම් ප්‍රදේශවල ජනතාව භූමිතෙල් මිලදී ගැනීම සඳහා දින ගණන් පෝලිමේ රැඳී සිටී.

කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව දින 05 ක් තිස්සේ දිවා-රාත්‍රී භූමිතෙල් පෝලිමේ රැඳී සිටින්නේ කුමන මොහොතක හෝ භූමිතෙල් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවෙනි.

රටේ ඇතැම් ප්‍රදේශවලට දින 10 කින් 15 කින් භූමිතෙල් තොග පැමිණ නොමැති අතර එම ප්‍රදේශවල ජනතාව දින 10-12 පෝලිම්වල රැඳී සිටී.

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ආහාර පිසීම සඳහා දර භාවිතා කළ හැකි නමුත් නාගරික ජනතාවට ගෑස් නොමැතිවිට එකම විකල්පය වන්නේ භූමිතෙල්ය. මෙම තත්වය මත භූමිතෙල් නොමැතිවීම හේතුවෙන් නාගරික ජනතාව දැඩිලෙස අසරණව සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...