රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඔහුට සහාය ලබාදීමට පොදුජන පෙරමුණ තීරණය කළේ රටේ ආර්ථික ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙමෙුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ආර්ථික ගැටලු විසඳීම පසෙක තබා ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බවට කාරියවසම් මහතා චෝදනා කරනවා.
ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දී පෝලිම් යුගය අවසන් කළයුතු බවත්, එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ පාරේ ගමන් කළහැකි පරිසරයක් නිර්මාණය වනු ඇති බවත් පෙන්වා දෙන සාගර කාරියවසම් මහතා පවසන්නේ පොදුජන පෙරමුණේ සහාය ලබාදීමට තීරණය කළේ ඒ වෙනුවෙන් බවයි. එවැනි නිදහස් පරිසරයක් නිර්මාණය වූ පසුව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කළ හැකි බවද ලේකම්වරයා පවසනවා.
නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කරගෙන ඔවුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් අහිමි කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පත්වීමේ අවස්ථාව අහිමි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම සිදු නොකළ යුත්තක් බවද සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා. ලෝකයේ කිසිදු රටක එවැනි අරමුණු සඳහා ව්‍යවස්ථාව සකස් නොකරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
UN