ශ්රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්රී ලංකාව රුසියාවෙන් උපකාර ඉල්ලා ඇතැයි ශ්රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
එහි පළමු ලේකම් ඇනස්තසියා හත්ලෝෆා පවසන්නේ, එම ඉල්ලීම පිළිබඳව රුසියානු රජය සලකා බලමින් සිටින බවයි.
ඒ අනුව, හෙට (28) දින මෙරටට රුසියානු බොරතෙල් නෞකාවක් ළඟා වීමට නියමිත බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර තිබේ.
අදාළ නෞකාව ළඟා වීමෙන් පසු පසු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළි ත් ක්රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.