21 හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් එකඟතාවකට!

Date:

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වුණු අතර එය හැකි ඉක්මණින් සම්මත කර ගත යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබේ.

මෙම රැස්වීමේ අරමුණ වූයේ සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ හා යොජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි.

දෙමළ ජාතික සන්ධානයට අද රැස්වීමට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඔහුනගේ සහාභගීත්වය සමග ලබන සිකුරාදා (3) අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පතට එක විය යුතු සංශෝධන ගැන සාකච්ජා අවසන් කිරීමටද තීරණය වී ඇත.

මෙම සතිය තුළ කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බව ද අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...