හොඳ දේවල සියලු ගෞරවය යන්න ඕනි ක්‍රීඩකයන්ට – උපුල් චන්දන

Date:

නිශ්මං රණසිංහ ජූලි 13, කොළඹ LNW:

ශ්‍රී ලංකා කණ්ඩායමෙ එක්දින සහ විස්සයි විස්ස තරගවලදී පෙන්වන පන්දු රැකීමේ හැකියාව සම්බන්ධයෙන් සියළු ගෞරවය හිමි විය යුත්තේ ක්‍රීඩකයන්ට බව පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන පවසනවා.


“ඔවුන් ඒ සඳහා විශාල වෙහෙසක් දරනවා.ඒ නිසා ඔවුන්ට ගෙරවය යා යුතුයි.“
උපුල් චන්දන තමාට මෙම කාර්යය සඳහා සහය වන මනෝජ් අබේවික්‍රම ගැන මෙන්ම ප්‍රධාන පුහුණුකරු සහ පුහුණු කාර්ය මණ්ඩලයට ද ස්තූතිය පුද කර සිටියා.
මේ වන විට 2023 ට වඩා හොඳ මට්ටමක සිටින බව පවසන උපුල් චන්දන,ශාරීරික යෝග්‍යතාවය ගැන මෙන්ම පන්දු රැකීමට වෙනදාට වඩා වැඩි කාලයක් යෙදවීම ද සාර්ථක වී තිබෙන බව පෙන්වා දුන්නා.


“පිතිකරුවෙක් අසාර්ථක වෙන්න පුළුවන්.ඒ වගෙම පන්දු යවන්නෙකටත් එහෙම වෙන්න පුළුවන්.නමුත් පන්දු රැකීමේදී හැමෝගෙම දක්ෂතාවයන්ගෙන් කණ්ඩායමට දිනන්න හයියක් වෙන්න පුළුවන්.“ උපුල් චන්දන පෙන්වා දෙන්නේ තරගයක් ජය ගැනීමට එකළොස් දෙනාටම දායකත්වය දිය හැකි හැකියාව පන්දු රැකී බවයි.ඊට උදාහරණ හැටියට බංගලාදේශ එක්දින තරගය ජයග්‍රහණය කිරීමට බල පෑ මිලාන් රත්නායක විසින් ලබා ගත් දුවද්දී දැවී යාම වගේම ජනිත් ලියනගේ ලබා ගත් උඩ පන්දුව ද සිහිපත් කළා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...