තැපෑල අඬාල වෙයිද?

Date:

රෂිකා හෙන්නායක ජූලි 15 කොළඹ LNW :

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

“මේ වෙද්දි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතා බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාලන කාර්යාල සේවකයින්ගේ අතිකාල සීමා කිරීම තුළ. එක් අතකින් ඔවුන්ව දැඩි ලෙස පීඩනයකට ලක්කර ඇති අතර, අනෙක් අතට පාලන කාර්යාලවල සේවා බිඳ වැටීම තුළ මෙහෙයුම් අංශයේ සේවාවන් ශීඝ්‍ර ලෙස බිඳවැටෙනවා. ඒ නිසා අපිට මේ ගැන බරපතළ තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුව අපි ගන්නවා සමස්ත දිවයිනේම අතිකාල වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරනවා. මේ තුළින් තැපෑල බිඳ වටෙනවා කියලා තැපැල් පරිපාලනය හොඳාකාරවම දන්නවා. මොකද සේවකයින් 10ක් ඕන තැනට දැන් ඉන්නේ එක් කෙනයි. අද දවස ඇතුළත පිළිතුරක් නැත්නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලු තැපැල් කාර්යාල හා පාලන කාර්යාලවල මෙය ක්‍රියාත්මක වෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...