ජනක බණ්ඩාරගේ අධිචෝදනා පත්‍රයක් අහෝසි කිරීමට එරෙහිව නීතිපතිගේ පෙත්සම කැඳවීමට දින දෙයි!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ ගොණුකර තිබූ අධිචෝදනා පත්‍ර බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ (14) කැඳවනු ලැබීය.

1999 වසරේ මාතලේ, දඹුල්ගමුව ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකෙරුණු අතර එම අධිචෝදනා ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධී යැයි සඳහන් කරමින් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

එම රිට් පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර නීතියට පටහැනී යැයි තීන්දු කරමින් 2020 වසරේ එය බලරහිත කරමින් රිට් ආඥාවක් ද නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ එම නියෝගය නීතියට පටහැනි හෙයින් එම අභියාචනාධිකරණ නියෝගය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සිය අභියාචනා පෙත්සම තුළින් ඉල්ලා තිබේ.

ඊයේ පෙත්සම කැඳවු අවස්ථාවේ එහිදී වගඋත්තරකාර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහුට ඇවිදීම පවා අපහසුවෙන් සිටින බවයි.

ඒ අනුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...