සීතාවක කොමසාරිස් පාලනයකට යයිද?

Date:

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත්කර ගැනීමට අද (15) දිනයේදීද නොහැකි වී තිබේ.

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ නමුත් එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් ඇත.

ඒ අනුව සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාව දින නියමයක් නොමැතිව කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

මින් පෙරද ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා කොමසාරිස්වරිය සතු බලතල අනුව ඇය විසින් සභාපතිවරයා තෝරා ගැනීම රහස් ඡන්දයකින් සිදු කිරීමටත් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළකරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබුණි.

සීතාවක නගර සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපති සහ උපසභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් එම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය ඊයේ විභාගයට නොගෙනම (14) නිශ්ප්‍රභ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර...

විජේ : තමිල්නාඩුවේ මාලිමාව ….

අද කතාව විජේ ගැන. විජය කුමාරතුංග නෙවෙයි. තලපති විජේ...

ප්‍රශ්නගත කන්ටේනර් 323 සහ මිද්දෙනියේ කන්ටේනර් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කළ බවට...

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...