චීන ජනපති සහ විදේශීය නියෝජිත කණ්ඩායම්වල ප්‍රධානීන් අතර හමුවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(15) උදෑසන බෙයිජිං මහජන මහා ශාලාවේදී, විදෙස් රටවල නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හමුවූණා.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍ය කවුන්සිල රැස්වීමට සහභාගී වීම සඳහා, ඒ ඒ රටවල විදේශ අමාත්‍යවරුන් සහ ස්ථිර ආයතන ප්‍රධානීන් චීනයට පැමිණ සිටිනවා.

ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු ගත වූ වසර 24 තුළ, සැමවිටම “ශැංහයි ජීවගුණය” පවත්වා ගෙන ගොස් ඇති බව, ෂී ජින් පිං මහතා එහිදී පැවසුවා.

යුගයේ ප්‍රවණතාවයට අනුකූල වෙමින් සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සපුරාලන කලාපීය සහයෝගීතා මාවතකට, ශැංහයි සහයෝගිතා සංවිධානය සාර්ථකව අවතීර්ණ වී තිබෙනවා. මෙය නවමු ආකාරයේ ජාත්‍යන්තර සබඳතා සඳහා ආදර්ශයක් ස්ථාපිත කර ඇතැයි, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළා.

‍අධිපතිවාදී හැසිරීම්වලට දැඩි ලෙස විරුද්ධ විය යුතු බවත්, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...