බේරුවලදී මාලිමාවට සහය දුන් සජබ 6ක් එළියට!

Date:

කොළඹ LNW:බේරුවල නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ සාමාජිකයින් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එය ලිඛිතව දැනුම් දී තිබෙන අතර බේරුවල ආසන සංවිධායක ලෙස කටයුතු කරන මොහොමඩ් ජෙමිල් මරික්කාර් මොහොමඩ් ඉෆ්තිකාර් මහතාගෙන් නිදහසට කරුණු විමසීමටද තීරණය කර ඇත.

සමඟි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් උක්ත තීරණ ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...