මහමඟ මද්දුම බණ්ඩාරලා ….

Date:

හැමෝම neurosurgery ගැන කතා කරන මාත් ඒක ගැන දෙයක් කියන්න හිතුවා. හැබැයි neurosurgery හරියටම දැනගෙන නෙවෙයි. මම කියන්න යන්නෙ ඒකට අදාළ වෙන මහ පාරේ දකින දෙයක් ගැන. මම කියන දේ ගැන සංඛ්‍යාලේඛන මුකුත් නෑ. ඒ නිසා මම කියන දේ නිකන්ම නිකන් මනස්ගාතයක් වෙන්න පුළුවන්. ඒත් මම හිතන විදිහට neurosurgeryවලින් ගොඩක් ප්‍රමාණයක් හදිසි අනතුරු නිසා මොළයට සිදුවන හානි නිසා කරන්න වෙනවා. සමහර ඒවා සාර්ථක වෙද්දි සමහර රෝගීන් මිය යනවා. එහෙම නැත්නම් පූර්ණ ආබාධිත තත්වයට පත් වෙනවා.

ලංකාවෙ බහුලවම භාවිත කරන ප්‍රවාහන මාධ්‍යයක් තමයි මෝටර් බයිසිකල්. ඒක පිරිමැසුම්දායකයි. ඒ වගේම ඉක්මනින් යන්න පුළුවන් රථවාහන තදබදය මඟ ඇරලා. හැබැයි මෝටර් බයිසිකලයක් පදින එක භයානක වෙන්න පුළුවන්. සෑම වසරකම දහස් ගණනක් බයිසිකල් අනතුරු වලින් තුවාල වෙනවා. ඒ වගේම ගොඩක් අය මරණයට පත් වෙනවා. වාසනාවකට වගේ ආරක්ෂිත හිස්වැස්මක් එහෙම නැත්නම් හෙල්මට් එකක් පැළඳීමෙන් හිසට එහෙම නැත්නම් මොළයට සිදුවන බරපතල තුවාල බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්. මේ නිසා හරි එහෙම නැත්නම් පොලිසියේ දඩ කොළයට බයෙන් හරි මෝටර් බයිසිකල්වල යන අය බොහෝවිට හෙල්මට් පළඳිනවා.

ඒත් මෝටර් බයිසිකල්වල ගෙන යන දරුවන් ගැන නම් පුදුම නොසැලකිල්ලක් තියෙන්නෙ. පුදුමයකට වගේ අපි දකින ගොඩක් තැන්වල ළමයින්ට හෙල්මට් පළඳවන්නෙ නෑ. අනිත් හැම කාරණයකදිම අපි දරුවන්ට පළමු තැන දෙන ජාතියක්. උදාහරණයක් විදිහට වැස්සකදි අම්මටයි තාත්තටයි දරුවටයි තියෙන්නෙ එක කුඩයයි නම් දරුවාට කුඩේ දෙන්න අම්මයි තාත්තයි දෙසරයක් හිතන්නෙ නෑ. ඒත් මෝටර් බයිසිකල්වලදි ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. අම්මයි තාත්තයි හෙල්මට් දාගෙන ළමයෙක් හෝ දෙන්නෙක් හෙල්මට් නැතුව බයිසිකල් එකේ ගෙනියනවා. මටනම් හිතෙන්න ඒකෙන් කියවෙන්න “අපේ ළමයි මැරුණට කමක් නෑ” වගේ දෙයක්. හෙල්මට් නැතුව ආඩම්බරෙන් යන ළමයි මට පේන්නෙ මද්දුම බණ්ඩාරලා වගේ. මේ වැරැද්දට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. කපල් එකක් කතා කර කර ඉද්දි පැනලා අල්ලා ගන්න පොලිසියත් මේ විදිහට දරුවන් ගෙනියන එක දැක්කෙ නෑ වගේ ඉන්නවා. ඒ වගේම ළමයින්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නෙ නැති එක ළමා අපචාරයක් විදිහට සලකන්නත් පුළුවන්.

දියුණු රටවල නීති ක්‍රියාත්මක වෙනවා වගේම හොඳ මාර්ගෝපදේශත් තියෙනවා. ඒ නිසා අනතුරු වුණත් ජීවිත හානි සිදු වෙනවා අඩුයි. අනතුරු වලින් මිය යන බයිසිකල් පදවන්නන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු හිස්වැසුම් පළඳින්නෙ නැති අය. ඒ වගේම පර්යේෂණවලින් පෙන්වලා දීලා තියෙනවා හිස්වැස්මක් පැළඳීමෙන් මොළයේ තුවාල ඇතිවීමේ අවදානම සියයට 88 කින් අඩු කළ හැකි බව.

වයස අවුරුද්දට අඩු දරුවන් බයිසිකල්වල ගෙන යන එක කොහොමත්ම හොඳ නෑ. අනෙක් දරුවන්ට වයසට ගැළපෙන, භාවිතය සඳහා සහතික කර හෙල්මට් එක්ක් මිලදී ගන්න. ඒ සඳහා වැය වෙන්නෙ සුළු මුදලක්. ගමනක් යනකොට නිවැරදිව ඒක පළඳින්න ළමයින්ට උගන්වන්න. හානි වූ හෝ අනතුරකට ලක් වූ හිස්වැස්මක්නම් දරුවා වෙනුවෙන් අලුත් එකක් මිලදී ගන්න.

මේ හැමදෙයක්ම අපේ අනාගත පරපුර වෙනුවෙන්.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

~ විශේෂඥ වෛද්‍ය සමන්ත සෙනවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...