කොන්දේසියකට යට නොවී බදු සහනය ගන්නයි අපේ උත්සාහය!

Date:

කොළඹ LNW:කොන්දේසියකට යටත් වීම නොව ද්විපාර්ශ්වික සාකච්ජා මත එකඟතාවන්ට පැමිණ ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය අවම කර ගැනීමට රජය මැදිහත්ව සිටින බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

රජය බලාපොරොත්තු වන්නේ යහපත් වෙළෙඳ සබඳතා ගිවිසුමකට පැමිණීම බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම තීරු බදු ප්‍රශ්නයේදී ආරම්භයේ පටන් කර්මාන්ත මෙන්ම අපනයන සම්බන්ධයෙන් ද නිසි පරිදි මැදිහත් වී අදාළ ආයතන සමඟ සාකච්ජා කරමින් කටයුතු කළ පසුබිම තුළ 44%ක පැවති බදු ප්‍රතිශතය 30%ක් දක්වා අඩු කර ගැනීමට හැකිව තිබෙන බවත් අවසන් ගිවිසුමට පෙර තවත් අඩුකරගැනීමට අවශ්‍ය සාකච්ජාමය මැදිහත් වීම සිදුකරන බවත් ඔහු කියසිටියේය.

එම සාකච්ජා සඳහා කමිටුවක් පත්ව සිටින නිසා අවශ්‍ය වුවහොත් ඇමරිකාවට යාමට ද සූදානමින් සිටින බවත් මෙම දිනවල පවා සූම් තාක්ෂණය ඔස්සේ නිරන්තරයෙන් සාකච්ජා කරමින් පසුවෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (17) සහතික ලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය විසන් පිරිවැය ගණනය කිරීමට අදාළ ප්‍රමිති පිළිබඳ මූලික හදුන්වාදීමේ අවස්ථාවට එක්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...