සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇප ඉල්ලයි. සලකා බැලීම කල්යයි

Date:

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකාරිය වී සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය තමන්ව ඇප මත නිදහස් කරන ලෙස කර ඇති ඉල්ලීම සලකා බැලීම හෙට (31) දිනය දක්වා කල්තබා ඇති බව වාර්තා වේ.

ඒ මහත්මිය අදාළ නඩුවෙන් වරදකාරිය බවට තීන්දු කරමින් දෙවසරක සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කරමින් අදාළ නඩු තීන්දුව පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලදී.

එහිදී මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ඇයව ඇප මත නිදහස් කරන ලෙස ඇයගේ නීතීඥයින් එදිනම අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සලකා බැලීම අදට කල් තබා තිබිණි.

ඒ අනුව අද දිනයේදී තීන්දු වී ඇත්තේ එම ඇප ඉල්ලීම හෙට සලකා බැලීමට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...