දේශබන්දු එන තෙක් බස්නාහිරට බැඩබලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙහි වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩී. ජේ. පලිහක්කාර මහතාව පත්කර තිබේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් පත්කිරීම සිදුකර ඇත්තේ දින 14ක කාලයක් සඳහා පමණක් බලපැවැත්වෙන පරිදි බව සඳහන්.

ඒ අනුව අද සිට සති දෙකක් නිවාඩු ලබාගෙන සිටින බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු අවසන් කර යළි රාජකාරියට වාර්තා කරන තෙක් තාවකාලිකව මෙසේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව පත්කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වී සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාව බස්නාහිර පළාතෙන් මාරුකර යවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට දැනුම් දී තිබුණ ද පොලිසිය මෙතෙක් එය ඉටු කරන ආකාරයක් පෙනෙන්නටවත් නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...